අද හරිම ලස්සන දවසක්.
බලන්න මෙ ගහ දිහා බැලූ බැල්මට මේ ගහත් හරි සුන්දරයි ලස්සනයි කියල හිතෙන්නෙ නැද්ද? ජීවිතෙත් ඒ වගේ සුන්දර තැන් මොන තරම් තියෙන්නෙ ඇතිද? ඇත්තටම මේ ගහ මොකද්ද? මේ ගහ තමයි බීඩි ගස. බීඩි ඔතන්නෙ මේ ගහේ කොල වලින්. දැන් හිතෙනවද අර ස්සෙල්ලම දැනුන සුන්දර බව දැන් ඔබට දැනෙනවය කියල ඒ විදිහටම? නැහැ නේද? එනිසා ඔබේ රහස්, ඔබේ අඩුපාඩු මේ ලෝකෙ කිසිම කෙනෙකුට දැනගන්න ඉඩ අරින්න එපා. එහෙම උනොත් ඔබට රිදවන්නට හිංසා පීඩා කරන්නට මේ ලෝකේ තිරිසන් මිනිස්සු දෙවරක් හිතන්නෙ නෑ. ඔබේ ඇතුලාන්තය අසුන්දර උනත් පිටත සුන්දර බව ලෝකයට පෙන්වන්න. අවශ්‍ය පමණට සුදුසු තැනදී පමණක් යම්තාක් දුරකට නිහතමානී උනාට කමක් නෑ. ඒත් ජීවිතේ විකුණන්න එපා කාටවත්. තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල. මේ ටික අමතක කරගන්න එපා. පොඩියා